පුංචි උන්ට කල අහස පොලව නුහුලන අපරාදය

පුංචි උන්ට කල අහස පොලව නුහුලන අපරාදය

වයඹදිග එංගලන්තයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ළමා නර්තන වැඩමුළුවකදී මෙම පිහි ඇනුම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්වේ.

අදාළ පිහි ඇනුම සිදුකළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පිහි ඇනුම සිදු කළ පිහිය ද අත්අඩංගුවට ගෙන ඇත.

කුමන හේතුවක් මත පිහි ඇනුම සිදුකළේ ද යන්න අනාවරණය වී නොමැති අතර එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.

දරුවන් සදහා පැවැති මෙම උත්සවය අවුරුදු 06ත් – 11ත් අතර ළමුන් සඳහා යෝගා සහ නැටුම් වැඩමුළුවක් ලෙස විස්තර කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් සහ චාල්ස් රජු විපතට පත් වූවන් වෙත සිය ශෝකය පළ කළහ.

“අද සිදුවීම් සැබවින්ම භයානක ය, ඔවුන් දුටු දේ සහ ඔවුන් අසා ඇති දේ ගැන මුළු රටම දැඩි කම්පනයට පත් වී ඇති බව මම දනිමි,” යැයි අගමැති ස්ටාර්මර් පැවසීය. එසේම චාල්ස් රජු පැවසුවේ එය “සැබවින්ම බිහිසුණු ප්‍රහාරයක්” බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *