වැලි කතරේ ආයෝජන පිං කෙත හෙල රන් දෙරනට

මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි, කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි.

ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ප්‍රතිපත්ති හා නෛතික ප්‍රතිසංස්කරණ, උසස් හා ඒකාබද්ධ යටිතල පහසුකම් සැපයීම, ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය යනාදිය හරහා රටට ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ දෙරටෙහි ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ලංකා රජය සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇත.

ඒ අනුව, 2024-04-28 හා 29 දිනවලදී සෞදිඅරාබියේ රියාද්හි පැවති ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීම අතරතුරදී අදාල අවබෝධතා ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අත්සන් තබන ලද බවට ආයෝජන ප්‍රර්වර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *