බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හයදෙනෙකු මස්කෙලිය රිකාටන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද (23) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය ආරම්භ වන්නේද මහඑළිය රක්ෂියෙන් වන අතර , එම රක්ෂිතය හරහා ගලා බසින ඇළ මාර්ග විනාශ කරමින් පිරිසක් අනවසරෙන් මැණික් ගරන බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 30-45 අතර වයස් කාණ්ඩ වල පසුවන බගවන්තලාව ලොයිනොන් වතුයායේ පදිංචිකරුවන් බවත්, සැකකරුවන් සමග මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන සැකකරුවන් සහ එම උපකරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා බගවන්තලාව පොලිසිය වෙත භාර දි ඇත.