අනාගතයෙදි සුකුමාලියන්ගේ නෙත් තෙත් වෙන පුවතක්.

අනාගතයෙදි සුකුමාලියන්ගේ නෙත් තෙත් වෙන පුවතක්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම දූරියන් ආදර්ශ වගා කලාපය වලස්මුල්ල හදුගල ඇතුළු ගම්මාන හතරක් කේන්ද්‍ර කර ගනිමින් ඇරැඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ දායකත්වය යටතේ වලස්මුල්ල හදුගල, එගොඩබැද්ද, දෙහිගහහේන හා වරාපිටිය ඇතුළු ගම්මාන හතරක් කේන්ද්‍ර කර ගනිමින් මෙම වගා කලාපය ස්ථාපිත කරයි.

අග්නි දිග ආසියානුවන්ගේ පිළිගැනීම අනුව පළතුරු අතර රජු (King of the fruits) ලෙස සැලකෙන්නේ දූරියන් ය.පෝෂණීය ගුණය නිසා ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති පළතුර ලෙස දූරියන් සැලකෙයි.

වලස්මුල්ල පළමු දූරියන් ආදර්ශ වගා කලාපයේ කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

අපනයනය ඉලක්ක කරමින් ආරම්භ කෙරෙන දූරියන් ආදර්ශ වගා කලාපයේ පළමුවැනි අදියර යටතේ දූරියන් පැල 2500ක් ගොවීන් අතර බෙදා හැරීමට පියවර ගනු ලැබීය.සම්පූර්ණ ව්‍යාපෘතිය යටතේ මෙම ගම්මාන වල දූරියන් පැල 20,000ක් වගා කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *