ට්‍රම්ප්ට වෙඩි,දෙදෙනෙක්ට පුඩි.
පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අතරතුර එල්ල වුණු වෙඩි ප්රහාරකින් පසු ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කඩිනමින් වේදිකාවෙන් ඉවත් වුණු අතර එම ප්‍රහාරය ඝාතන තැතක් බවට විශ්වාස කෙරේ.
පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අතරතුර එල්ල වුණු වෙඩි ප්රහාරකින් පසු ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කඩිනමින් වේදිකාවෙන් ඉවත් වුණු අතර එම ප්‍රහාරය ඝාතන තැතක් බවට විශ්වාස කෙරේ.
උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳසැල් ජාලය වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
වැඩවර්ජන පිටුපස සිටින ජනතා විමුක්ති පෙරමුණේ එකම අභිප්‍රාය රට අස්ථාවර කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මීට පෙරද ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වාසි අපේක්ෂාවෙන් රට අස්ථාවර කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ බව පවසන ඒ මහතා අද වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම්කිසි සුබවාදී මට්ටමක පවතින බව ද ඒ හේතුවෙන් රට අස්ථාවර කිරීම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාව වී තිබෙන බව ද පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ වැඩවර්ජනයේ නිරතව සිටින වෘත්තීය සමිති කිහිපයක ඉල්ලීමට අනුව රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැටුප් වැඩිකිරීමක් සිදුකරන්නේ නම් වසරකට රුපියල් කෝටි 40,000ක (බිලියන 400ක) අතිරේක වැයබරක් දැරීමට මහා භාණ්ඩාගාරයට සිදුවන බවයි.
දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කර ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් වල අධ්‍යයන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් නොකිරීමට ලබන 10 වැනි දා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට ඊයේ (08) නොතීසි නිකුත් කළේය.
සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි යැයි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ හා අරගල සිදුකළ යුතු වුවත් දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම රෝගී සත්කාර සේවාවන්ට බලපෑම් සිදු කිරීම අනුමත කළ නොහැකි යැයි ද ඒ මහතා කීය. මහනුවරදී ඊයේ (08) විශ්‍රාමික බැංකු සේවක සමුළුව අමතමින් ලාල්කාන්ත මහතා මෙසේ ද පැවැසුවේය.
ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.
ජනතාව පීඩාවට පත් කරමින් අඛණ්ඩව සිදු කෙරෙන උද්ඝෝෂණ හා වර්ජන පසුපස කිසියම් වූ දේශපාලන වුවමනාවක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබෙන්නේ යැයි ද මේ සම්බන්ධව ජනතාව කල්පනාකාරී විය යුතු යැයිද අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවැසූහ.
ඊයේ දිනයේ දී Club වසන්ත නැමැති අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආදාලව CCTV සාක්ෂි මේ වන විටත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා.එහිදි වෙඩික්කරුවන් වෙඩි තබා පලා යන්නේ අසල තැටියක තිබු කෙසෙල් ගෙඩියක් හෝ වෙනත් රසකැවිලි වර්ගයක් ද රැගෙන බව පැහැදිලි ව හදුනා ගත හැක