paribogika katayuthu

රජයෙන් දෙන සැප කස්ටමස්ලාට නොදෙන මුදලාලීලාට අද ඉදං අසුබයි

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙයි.

Read More
Saluala asala

සළුසල අසල සසල වුණ තිස්සගේ රෝද හතරේ මාලීගාව

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අද (18) උදෑසන ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙයි.

Read More
wigamana harasara

“විගමන හරසර” ට රු.මි.40ක් වෙන් කරයි.

2024 ජුලි 17 එනම් අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සභාපති R.P.A. විමලවීර මහතා විසින් විදේශ රැකියා කාර්යංශය වෙත ලිපියක් යොමු කර ඇත. මෙහි සඳහන් වනුයේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයට ගොදුරු වූ අවස්ථාවේදී ආර්ථික අර්බුධය තුරන් කිරීම සඳහා විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට විදේශ විනිමය සැපයීම අගයකොට ඔවුන් වෙනුවෙන් “විගමනික හරසර ” නමින් වන වැඩසටහනක් සංවිධානය කර ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 40ක මුදලක් වැය වන බවත් එම වියදම් පියවා ගැනීම සඳහා චෙක් පතක් මාර්ගයෙන් මුදල් නිකුත් කරන ලෙසත් ය.

Read More
සජිත්ටත් පාසල්වල දොර වැහෙයිද ??

සජිත්ටත් පාසල්වල දොර වැහෙයිද ??

පාසල්වල උත්සව කටයුතු සඳහා ආණ්ඩුවේ දේශපාලඥයන් සහභාගී කර ගැනීම නතර කර දැමීමට වෘත්තීය සමිති 07ක් පොදුවේ ඒකමතිකව තීන්දුවක් ගෙන තිබේ.මෙම…

Read More
දිනනතුරු නොනවතින ටිල්වින්ගෙන් දඹුල්ලේදී කෙලින් කතාවක්

දිනනතුරු නොනවතින ටිල්වින්ගෙන් දඹුල්ලේදී කෙලින් කතාවක්

මාලිමාවේ පාලනයක් යටතේ ආණ්ඩුවට අත නොපා තමන්ගේ දෙපයින් නැගී සිටිය හැකි ආර්ථිකයක් ජනතාවට ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 13 දා දඹුල්ලේදී පැවති “පුනරුදයට රටම එකට” ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මහා රැලිය අමතමිණි.

Read More
පකිස්තානයෙන් මකා දැමීමට තැත් කරන ඉම්රාන්ගේ දේශපාලනය

පකිස්තානයෙන් මකා දැමීමට තැත් කරන ඉම්රාන්ගේ දේශපාලනය

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීම එරට රජය තීරණය කර ඇතැයි එරට තොරතුරු ඇමති අතුල්ලා තරාර් අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

Read More
මැ කො බලය ලබන දිනය ළග ළගම !

මැ කො බලය ලබන දිනය ළග ළගම !

අද (15) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග ජනපතිවරණයට බාධාවන්ව පැවති පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේපවීමෙන් පසුව දැන් ජනපතිවරණය ප්‍රකාශයට පත්කිරීම නිරවුල් තත්වයට පත්ව ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 ජූලි 17 බදාදා සිට ජනාධිපතිවරණය කැඳවීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබේ.

Read More
විදුලි වේගෙන් නැග්ග විදුලිය සෙමින් බසී

විදුලි වේගෙන් නැග්ග විදුලිය සෙමින් බසී

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 22.5ක විදුලි ගාස්තු සංශෝධනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද ප්‍රකාශයට පත් කළේය.
පසුගියදා පැවති මහජන අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

Read More
මෛත්‍රී අනුහසින් රාජපක්ෂ ජනපති සටනට !

මෛත්‍රී අනුහසින් රාජපක්ෂ ජනපති සටනට !

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් විය නොහැකි වුවහොත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

Read More