රට වෙනුවෙන් සක්විති රජකම පතන මිහින්තලේ හාමුදුරුවෝ
ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයත් සමග හිස් වූ අසුන වෙනුවෙන් එම පුරප්පාඩුවට මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කරනු ලැබීය .
රහස් පොලිසියට එරෙහිව පැය දහයක රහස් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයා හමුවේ ලබා දුන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරුට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම ලබන 10 දින සිදුකරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (03) දන්වා සිටියාය.
ලිට්රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබේ.
මෙම මිළ සංශෝධනයට අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇත.
බෝම්බයක් ඇති බවට ලැබුණ තොරතුරකට අනුව මහනුවර මහාධිකරණ සංකීර්ණය පූර්ණ පරීක්ෂාවකට ලක් කර ඇතැයි වාර්තා වෙයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ පියුමි හංසමාලි මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පෙර දිනයක ඇයට කැඳවීමක් කළද නොපැමිණි බවය. ඒ වෙනුවට ඇය ඊයේ පැමිණෙන බව දැනුම් දී තිබුණු බව ද එම නිලධාරියා කීය. ඇය පැමිණෙන බව දැනුම් දුන්නද එය පිළිගෙන ඇයට මෙදින පැමිණෙන ලෙස නීති විරෝධි වත්කම් විමර්ශන අංශය විසින් නැවත දැනුම්දීමක් කර නොතිබිය දී ඇය පැමිණි බැවින් ප්‍රකාශ සටහන්කර ගැනීමක් සිදු නොවූ බව ද එම නිලධාරියා පැවැසීය.
නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය
ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝදයම් සම්පන්දන් මහතා මියයාම හේතුකොට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාව අනුව, 2024 ජුනි 30 දින සිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ හිටපු නායකයෙකු වූ සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ හිටපු නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හෙට (03) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිත බැවින්, ඒ සඳහා සහභාගී වන ලෙස සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉල්ලා සිටියි.
කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රෙය් පැවැති සංගීත ප්‍රසංගයට බීමතින් පැමිණ පුද්ගලයන් පිරිසකට සහ පොලිස් නිලධාරීයකුට පහරදී බලහත්කාරකම් පෑ නාවික හමුදා ලුතිතන් කමාන්ඩර්වරයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.