පැය පහලවකට ජලසැපයුම අත්හිටුවයි
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල ,මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව,කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශ වල පෙ.ව නවයෙ සිට පැය පහලවක් දක්වා කාලයක් ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපහවන මණ්ඩලය පවසයි.
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල ,මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව,කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශ වල පෙ.ව නවයෙ සිට පැය පහලවක් දක්වා කාලයක් ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපහවන මණ්ඩලය පවසයි.
සමඟි වනිතා බලවේගයේ නායිකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑම ඇතුළු චෝදනා 18කට වැරදිකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇයට බරපතළ වැඩ සහිතව වසර 33ක සිර දඬුවමක් නියම කර, එය වසර 3කින් ගෙවෙන ලෙස ඊයේ (28) දඬුවම් නියෝග කළේය. මීට අමතරව රු. 3,60,000ක දඩ මුදලක් නියම කර, එය නොගෙවන්නේ නම් චෝදනාවකට මාස 6 බැගින් ලිහිල් සිරදඬුවමක්ද නියම ඇයට නියම කෙරිණි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව අධිචෝදනා 19ක් ඉදිරිපත් වූ අතර, එයින් එක් චෝදනාවක් හැර සෙසු සියලු චෝදනාවලට ඇය වැරදිකරු බව තීරණය විය
රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
දකුණුදිග පාකිස්තානයේ පැතිරී යන දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 568 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පළාතේ ගිලන් රථ සේවාව සඳහන් කර ඇත්තේ මළසිරුරු 30ක් 40ක් අතර ප්‍රමාණයක් දෛනිකව මෝචරියට ප්‍රවාහනය කරන බවය.
විස්සයි20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ලද පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂඥ පුහුණුකරු මහේල ජයවර්ධන මහතා ඉල්ලා අස්වී පැය 24ක් ගෙවී යන්නට පෙර ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සිය ධුරයෙන් ඊයේ ඉල්ලා අස්විය.
අන්තර්ජාලයේ යෙදුමක් හරහා සමරිසි පුද්ගලයන් එකිනෙකා හදුන්වා දෙන බව ප්‍රසිද්ධ කර උපක්රමශීලීව දෙමහල් පාළු නිවසකට ගෙන්වා පහර දී නිරුවත් කර එම දර්ශන පටිගත කර අන්තර්ජාලයට මුදා හරින බව කියා, කප්පම් කල්ලියක් අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. එම සැකකරුවන් සන්තකයේ තිබී ජාවාරම සඳහා යොදාගත් ස්මාර්ට් වර්ගයේ දුරකථනයක් ඇතුළු දුරකථන හයක් හා පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත,හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක් පොලිස් බාරයට ගෙන ඇත.
පියුමි හංසමාලි කියන චරිතය බොහෝ දෙනෙක් හදුනා ගත්තේ සමාජ ජාල ඔස්සේ. නිරන්තරයෙන්ම කතාබහට ලක් වූ මේ චරිතය දැන් නිලියක් විදිහටත් දකින්න ලැබෙනවා. විදේශීය සිනමාපටයකට පවා ඇරයුම් ලබා ඉන්න පියුමිව මුල්ම වතාවට රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. මේ ඇය ගැනයි.
ලංකාවේ අධ්‍යයන සංවාදවල හා විවිධ සම්මන්ත්රණවල ද දේශකයකු ලෙස කිසියම් ජනාදරයකට ලක්වෙමින් සිටි ආචාර්ය මහේෂ් හපුගොඩ මේ වනවිට දේශපාලන සමාජයේ මාතෘකාවක් බවට පත්වී තිබේ. ඒ ඔහු පසුදා ITN නාලිකාවේදී සිදුකරන ප්‍රකාශයක් නිසාවෙන්ය.
රට බංකොලොත් බවෙන් මුදවා ගත් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 02 දින පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද විමසීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බව වාර්තාවේ.
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන බෙදාහරින කුරියර් සමාගමේ හිමිකරු රහස් පොලිසියට ගොස් ඊයේ (27) ප්‍රකාශයක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිනමිණට’ පැවසීය.