ධීවර අමාත්‍යාංශයේ අලුත් ලේකම් නිශාන්ත .
ධීවර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිශාන්ත මොහාන් වික්‍රමසිංහ මහතා පෙරේදා (19) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් එම පත්වීම් ලිපිය ඒ මහතාට භාරදෙන ලදි.
ධීවර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිශාන්ත මොහාන් වික්‍රමසිංහ මහතා පෙරේදා (19) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් එම පත්වීම් ලිපිය ඒ මහතාට භාරදෙන ලදි.
පාර්ලිමේන්තුවේදී සිය අදහස් දැක්වීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් කාලය ඉල්ලා සිටි විට ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන්නේ දැයි විමසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු දරන කාන්තාවන්ට ප්‍රමුඛත්වය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකික පුරවැසියෙකු විසින් නිපදවනු ලැබූ මත්පැන් නිෂ්පාදනයක් සඳහා ජාත්‍යන්තර සම්මානයක් හිමි ව තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජෙයශංකර් මහතා අද(20 ) එක් දින ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අමෙරිකාවට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ (19) උදෑසන යළි මෙරටට පැමිණියේය. වෙනදාට කටුනායක ගුන්තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊයේ මුදල් ගෙවා පහසුකම් සලසාගත යුතු ‘සිල්ක් රූට්’ පර්යන්තය ඔස්සේ පිටතට පැමිණීම විශේෂත්වයකි. ‘සිල්ක් රූට්’ පර්යන්තයේ පහසුකම ලබා ගැනීමට එක් මගියකුගෙන් අමෙරිකානු ඩොලර් 50ක් (රුපියල් 15221.33) අය කරන අතර, එම ගාස්තුව ගෙවා ශ්‍රී ලංකා පිල ‘සිල්ක් රූට්’ පර්යන්තයේ පහසුකම් ලබා ගත් බව කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරියා ප්‍රකාශ කළේය.
විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත අරමුදල් සතයක්වත් ලැබී නැතත් සමහරුන්ට මිලියන සීයක්, දෙසීයක් බැගින් බෙදා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී අද(19)පැවසීය.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාර දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අව භාවිතයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.