Fishermen

සයුරේදී විසබිව් අයගෙ සිරුරු ගොඩබිමට

ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී මුහුදේ පාවූ විෂ සහිත ද්‍රාවණයක් අඩංගු බෝතලයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු මුහුද මැදදීම අසාධ්‍යව මියගිය ඩෙවෝන් 05 යාත්‍රාවේ තිබූ ධීවරයන් සිව් දෙනාගේ මළ සිරුරු දින 04කට පසු ඊයේ (03) තංගල්ල ධීවර වරායට රැගෙන ආ බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

Read More
Justice

විස්කි බෝතල් 2000ක්.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කොට තිබූ රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විස්කි බෝතල් 2,000කට ආසන්න සංඛ්‍යාවක් අස්ථානගත කළැයි කියන සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් එම අධිකරණයේ හිටපු නඩු භාණ්ඩ භාරකරු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියෝග කළේය.

Read More
Ranil

ජනාධිපතිවරණය ගැන ජනාධිපතිතුමන්ගේ දැඩි ස්ථාවරය.

2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More
Tiran

ශක්තිය වැඩි වන යුක්තිය.

කුමන බාධා අභියෝග පැමිණිය ද යුක්තිය මෙහෙයුම තවදුරටත් අද (04) සිට නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

Read More
justice

චමින්දගේ බිරියටත් වැඩ වරදින ලකුණු.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ බිරිය ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන පාලකවරයාට ඊයේ (03) නියෝග කළේය.

Read More
lions international

කවුද මේ සිංහාධිවතිවරු

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති ලෝක සිංහ සමාජ උත්සවයකදී 2024/25 වර්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකාවට පත් කළ නව සිංහාධිපතිවරුන් 6 දෙනා පත්වීම් ලබා දිවුරුම් දීමෙන් අනතුරුව පෙරේදා (01) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Read More
Rain

අද ටිකක් දැනෙන් වහින දවසක්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Read More