රැවන්පුර දිසාපතිගේ හොරණ නිවසට හොරු පැනලා
රත්නපුර මහ දිසාපති පදිංචි හොරණ මුණගම දෙමහල් නිවසින් රුපියල් ලක්ෂ 9 කට අධික වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි .
රත්නපුර මහ දිසාපති පදිංචි හොරණ මුණගම දෙමහල් නිවසින් රුපියල් ලක්ෂ 9 කට අධික වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි .
එළඹෙන අගෝස්තු මාසයේ ජාතික ජන බලවේගය සිය මැතිවරණ මෙහෙයුම තවදුරටත් සක්‍රීය කිරීමට සුදානමින් සිටින බව රාජ්‍ය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව බුද්ධි අංශ දැනුම් දී ඇත්තේ මේ වන විට මාළිමාට වටා ඒකරාශි වී සිටින ජනතාව පාරට ගෙන්වා රට පුරා ජයග්‍රාහී මානසිකත්වයක් හදා ඡන්ද දායකයින් ද ග්‍රහණය කර ගැනීම ජාතික ජන බලවේගයේ සැලසුම වී ඇති බවයි.
වැටුප රුපියල් 20,000කින් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් අනිද්දා සහ 9 වනදා, ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුලු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි කතරගම පොලිසිය පැවසීය .
ගන්දර ධීවර වරායේ වැඩකටයුතු මේ වසරේ අවසන් කර ධීවරයන්ට අවශ්‍ය පහසුකම් සලසන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.
බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකතනයෙන් වීඩියෝගත කළ 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ගාල්ලේදී අද ප්‍රකාශයට පත් කළේය.
බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් අද (6) උදෑසන හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට කඩා ගෙන යාමෙන් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි .