රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නෙපා දියඹට රෑ යාමේ
අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙයි
අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙයි
වවුනියාව, ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේදී නීති විරෝධිව කපන ලද බුරුත දැව කඳන් තොගයක් රැගෙන පොලිස් අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට අද (24) වෙඩිතැබූ බව වවුනියාව පොලිසිය කියයි.
නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු කලාපය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 03 ක් හා ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.
බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හයදෙනෙකු මස්කෙලිය රිකාටන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද (23) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොල්පිතිගම කළුගල්ල ප්‍රදේශයේ ඉඩමක ගෝඩා අලෙවි කරන බවට ලද තොරතුරට අනුව ඒ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් සැරයන් වරයෙකුට පොල්ලකින් පහර දුන් බව කියන කාන්තාවක සහ එකම පවුලේ තාත්තා සහ පුතා අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය පවසයි.
පක්ෂවල තීරණයට පිටින් විමධ්‍යගත අරමුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කර ඇත.
බොහෝ මන්ත්‍රීවරුන් විමධ්‍යගත මුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇතැයි පැවසෙන්නේ ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන් දැනුවත්ව නොවන බව පැවසේ.
පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සේවයේ නිරතවන අතර කාලයක සිට ගංජා ජාවාරමේ යෙදුණු බවට වන චෝදනාව මත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් සැරයන්වරයා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට නීතිඥයන් කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා යළි ප්‍රතික්ෂේප කළේය. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ගංජා කිලෝ එකයි ග්‍රෑම් නව සියයක් සැකකරු සන්තකයේ තිබිණි
ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාර දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අව භාවිතයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.