රනිල් එනවාට රුවන්ගෙන් රුවන් වැකි !
රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ගාල්ලේදී අද ප්‍රකාශයට පත් කළේය.
රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ගාල්ලේදී අද ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යනුකූල මහ ලේකම් ලෙස කටයුතු කිරීමට අධිකරණය විසින් දී ඇති අවසරයට අනුව වැඩ භාර ගැනීමට පැමිණියද පක්ෂ කාර්යාලය ඉබියතුරු යොදා වසාදමා තිබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පක්ෂ කාර්යාලය ඉදිරිපිට මාර්ගයේදී වැඩ භාර ගැනීමට ඊයේ (5) සිදු විය.
පියුමි හංසමාලි ගැන මේ දිනවල වඩාත් කතාබහට ලක්වෙනවා.
මීට පෙරත් ඒ සම්බන්ධව පුවතක් පළ කළා.පියුමි ඒ ගැන සටහනක් තබා තිබුණා.
”මම වාහනෙ විකුනලා ඉවරයි අප්පා මාව අල්ලං කන්නම හදනවා මට තෙරෙන්නෙ නෑ.
ඕක විකනලා දැං අවුරුද්දක් වෙනවා .
යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙයි.
ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ පියුමි හංසමාලි මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පෙර දිනයක ඇයට කැඳවීමක් කළද නොපැමිණි බවය. ඒ වෙනුවට ඇය ඊයේ පැමිණෙන බව දැනුම් දී තිබුණු බව ද එම නිලධාරියා කීය. ඇය පැමිණෙන බව දැනුම් දුන්නද එය පිළිගෙන ඇයට මෙදින පැමිණෙන ලෙස නීති විරෝධි වත්කම් විමර්ශන අංශය විසින් නැවත දැනුම්දීමක් කර නොතිබිය දී ඇය පැමිණි බැවින් ප්‍රකාශ සටහන්කර ගැනීමක් සිදු නොවූ බව ද එම නිලධාරියා පැවැසීය.
තුල්හිරිය අධිකරණ භූමියේ දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන ගිය රැඳවියන් දෙදෙනකු යතුරුපැදියක් සොරාගෙන අත් මාංචුපිටින්ම කිලෝමීටර් 65ක් දුරක් පදවාගෙන පැමිණ මොරගහහේන ඔලබොඩුව නිවසක වෙස්වලාගෙන සැඟව සිටියදී එක් රැඳවියකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය
ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝදයම් සම්පන්දන් මහතා මියයාම හේතුකොට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාව අනුව, 2024 ජුනි 30 දින සිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා 4 ක් ඊයේ (01) අත් අඩංගුවට ගෙන තිබේ.