DG th R t

D.G ත් R ට

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුත් මහ­ජන එක්සත් පෙර­මුණේ සහ­යෝ­ගය ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට ලබා­දී­මට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) තීර­ණය කළේය.

Read More
rata gana sanwedi wu

රට ගැන සංවේදී වූ සිරිපල රනිල්ගේ ඔඩොක්කුවට පනී.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහාය දැක්වී­මට තීරණ කරනු ලැබුවේ රට ගැන සිත­මින් බව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ වැඩ­බ­ලන සභා­පති, ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා පැව­සු­වේය.

මේ තීර­ණය ගැනී­මේදී පක්ෂයේ සියලු කණ්ඩා­යම් සමඟ පැය හත­ර­කට වැඩි කාල­යක් දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කළ බවත් පක්ෂයේ අන­න්‍ය­තාව රැක ගනි­මින් ජනා­ධි­ප­ති­ව­ර­යාට සහාය දීමට සිය­ලු­දෙනා එක­ඟ­තා­වට පැමිණි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

Read More
Covid-19

Covide -19 පසු විපරම

COVID – 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයැදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

COVID-19 හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශ වල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මිය ගිය තැනැත්තන්ගේ මෘතදේහ බැහැර කිරීමේ ක්‍රමවේදය ලෙස ආදාහනය නිර්දේශ කරනු ලැබ තිබුණි.

Read More
eliyata wadiya

එලියට වැඩිය ඥාණසාර හිමි පාස්කු ප්‍රහාරය ගැන කල දෑස් තෙමන දේශනාව

බලයට ආවොත් පිපිරීම ගැන මුල අග සොයන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගොස් පැවසූ බවත් මේ පිපිරීම් ගැන මුල මැද අග කොහොමත් දන්නේ අනුර කුමාර බවත් පුපුරන කල්ලි සිටියේ අනුර කුමාර ළඟ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ඇප මත මුදා හැරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ජනමාධ්‍ය අමතමින් ඊයේ (22) පැවැසූහ.

Read More
pasal-deshakayata-amathi

පාසල් දේශකයාට ඇමති අමරවීරගෙන් සැර ප්‍රකාශයක්

පසුගිය කාලයේදී මේ රටේ මිනිසුන් දුක් විඳින අන්දම පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් ‍ රටට ඩොලර් එවන්නට එපා යැයි ජවිපෙ නායකයන් ප්‍රකාශ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (SAPP ව්‍යාපෘතිය) යටතේ කෘෂි ව්‍යවසායකයන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ වැඩසටහනක් අඟුණකොළපැලැස්සේදී පෙරේදා (21) පැවැති අවස්ථාවේදීය.

Read More
yukthiye meheyuma

යුක්තියෙ මෙහෙයුම භක්තියෙන් හෙළිකල ඇමති ටිරාන් අලස්

රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාවත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි එක්සත් මහජන පක්ෂයේ නායක, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නුවරඑළිය නගර ශාලාවේ පෙරේදා (21) පැවති එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවේදී අදහස් දක්වමිනි.

Read More
kasippu shot dun

කසිප්පු සොට් දුන් කන්ද උඩරට පොට් එකට පොලීසියේ සොට් එක

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ හෝටලයක් පවත්වාගෙන යමින් තේ කෝප්පවලට දමා ඉතා රහසිගතව කසිප්පු අලෙවි කළ ව්‍යාපාරිකයකු සහ හෝටල් සේවකයකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. හෝටලයේ තේ හදන ස්ථානය අසල රටබීම බෝතල්වලට කසිප්පු පුරවා තබාගෙන ගැනුම්කරුවන් පැමිණි විට අඬු කෝප්පවලට දමා ඒවා අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මෙම හෝටලය පෙරවරු 5.00 ට විවෘත කරන බවත් එළවළු හා පලතුරු තොග ලොරිවලින් මධ්‍යම වෙළෙඳපොළේ වෙළෙඳසල් වෙත රැගෙන යන නාට්ටාමිවරුන් මෙම ස්ථානයෙන් කසිප්පු පානය කිරීමට හුරුවී තිබෙන බවත් පොලිසිය පවසයි.

Read More