ජනාධිපතිවරණය ගැන ජනාධිපතිතුමන්ගේ දැඩි ස්ථාවරය.
2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
කුමන බාධා අභියෝග පැමිණිය ද යුක්තිය මෙහෙයුම තවදුරටත් අද (04) සිට නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ බිරිය ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන පාලකවරයාට ඊයේ (03) නියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ හා දේශපාලන මණ්ඩලයේ අනුමැතියෙන් පත් වූ පක්ෂ මහ ලේකම්වරයා තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (2) නිකුත් කළ අතර, මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති ලෝක සිංහ සමාජ උත්සවයකදී 2024/25 වර්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකාවට පත් කළ නව සිංහාධිපතිවරුන් 6 දෙනා පත්වීම් ලබා දිවුරුම් දීමෙන් අනතුරුව පෙරේදා (01) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය අතර ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.