සජිත්ටත් පාසල්වල දොර වැහෙයිද ??
පාසල්වල උත්සව කටයුතු සඳහා ආණ්ඩුවේ දේශපාලඥයන් සහභාගී කර ගැනීම නතර කර දැමීමට වෘත්තීය සමිති 07ක් පොදුවේ ඒකමතිකව තීන්දුවක් ගෙන තිබේ.මෙම…
පාසල්වල උත්සව කටයුතු සඳහා ආණ්ඩුවේ දේශපාලඥයන් සහභාගී කර ගැනීම නතර කර දැමීමට වෘත්තීය සමිති 07ක් පොදුවේ ඒකමතිකව තීන්දුවක් ගෙන තිබේ.මෙම…
මාලිමාවේ පාලනයක් යටතේ ආණ්ඩුවට අත නොපා තමන්ගේ දෙපයින් නැගී සිටිය හැකි ආර්ථිකයක් ජනතාවට ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 13 දා දඹුල්ලේදී පැවති “පුනරුදයට රටම එකට” ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මහා රැලිය අමතමිණි.
ක්ලබ් වසන්ත ඝාතනය සිට මේ දක්වා දිග හරින ලද ක්‍රියාවලිය පිළිබඳව විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙන අතර අධිකරණ සීමාවල් පවා උල්ලංඝණය කිරීම පිළිබඳව සමාජයක් ලෙස ගැඹුරින් සිතා බැලිය යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීම එරට රජය තීරණය කර ඇතැයි එරට තොරතුරු ඇමති අතුල්ලා තරාර් අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් 99 අවුරුදු බදු ක්‍රමය යටතේ පෞද්ගලික අංශයට කූඨ ලෙස පවරාදීමෙන් අතිවිශාල මූල්‍ය අරපරාධයක් සිදු කර ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සොයාගෙන ඇත.
අද (15) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග ජනපතිවරණයට බාධාවන්ව පැවති පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේපවීමෙන් පසුව දැන් ජනපතිවරණය ප්‍රකාශයට පත්කිරීම නිරවුල් තත්වයට පත්ව ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 ජූලි 17 බදාදා සිට ජනාධිපතිවරණය කැඳවීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබේ.
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 22.5ක විදුලි ගාස්තු සංශෝධනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද ප්‍රකාශයට පත් කළේය.
පසුගියදා පැවති මහජන අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් විය නොහැකි වුවහොත් ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ආචාර්ය සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘සිංහබාහු’ සිනමාපටය සිනමා ශාලාවකදී අනවසරයෙන් පටිගත කොට facebook හා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහළ පුද්ගලයකු ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අතරතුර එල්ල වුණු වෙඩි ප්රහාරකින් පසු ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කඩිනමින් වේදිකාවෙන් ඉවත් වුණු අතර එම ප්‍රහාරය ඝාතන තැතක් බවට විශ්වාස කෙරේ.