සත්‍ය සොයා පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකාවේ සත්‍යය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ සත්‍යය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයකු, ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක්, යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , එක් පුද්ගලයෙකු ද සමඟ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .
ඉරානයේ තෙහෙරාන් අගනුවර සිය නිවසේ සිටි හමාස් නායක ඉස්මායිල් හානියේ මරා දැමීමට ඊශ්‍රායලය සමත් විය. ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙම වික්‍රමය සිදු කළේ ඇමෙරිකාවේ ද සහාය ඇතිව යැයි නිල නොවන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හරිනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන අගෝස්තු මස 09 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (30) තීරණය කළේය.
දක්ෂිණ අධිවේගි මාර්ගයේ රාජකාරි සිදුකළ නිලධාරින් 16 දෙනෙකු පසුගිය වසර දෙකයි හා මාස අටක කාලය තුලදි (2021 වර්ෂයේ සිට 2023 අගෝස්තු දක්වා ) රුපියල් මිලියන 2.07ක මුදලක් ඉක්මවා වංචාකොට ඇති බවට අනාවරණය වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් එකොළොස් දෙනකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය යුතු බවට ප්‍රකාශ කිරීම විශේෂ සිද්ධියක් විය.
වයඹදිග එංගලන්තයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
කිළිනොච්චියේ සිට යාපනයේ සිය පෙම්වතිය බැලීමට ගිය තරුණයෙකුව කඩුවකින් කපා ඔහු සතුව තිබූ මුදල් හා ස්වර්ණාභරණද ජංගම දුරකතනය ද ඊයේ ( 29 ) කොල්ල කා තිබේ.