ධීවර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිශාන්ත මොහාන් වික්‍රමසිංහ මහතා පෙරේදා (19) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් එම පත්වීම් ලිපිය ඒ මහතාට භාරදෙන ලදි. ඒ මහතා මෙයට පෙර ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කර ඇති අතර, තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, හම්බන්තොට කෘෂිකර්ම සහකාර කොමසාරිස් දෙහිඕවිට සහකාර ප්‍රාදේශීය ලේකම්, පස්සර සහකාර ප්‍රාදේශිය ලේකම්, බදුල්ල සමෘද්ධි කොමසාරිස්, ඌවපරණගම ප්‍රාදේශීය ලේකම්, ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ඌව පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්, පොල් සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්, ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුරුවල ද මෙයට පෙර කටයුතු කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳව විශේෂවේදී උපාධිධාරියකු වන ඔහු රාජ්‍ය පරිපාලන පිළිබඳ SLIDA ආයතනයේ ශාස්ත්‍රපති උපාධිධාරියකු ද වේ.