ක්‍රිකට් ලෝලීන්ගේ දෑස් තෙත්වන පුවතක්


ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ඇන්ටන් රූක්ස් එම තනතුරෙන් ඉවත් වන බවට නිවේදනය කර තිබෙනවා.

ඔහු පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කල අවසන් තරගය වන්නේ එංගලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලියයි.
එහි දී ඕවල් හී පැවති අවසන් ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ සහ නෙදර්ලන්තයේ පුහුණුකරු ලෙස කටයුතු කළ Roux, 2022 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ජාතික පන්දු රැකීමේ පුහුණුකරු බවට පත් වුණා.

” ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සේවය කිරීමට ලැබීම මට ඉමහත් ගෞරවයක් මෙන්ම නිහතමානී අත්දැකීමක් ” යනුවෙන් ඔහු සටහන් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *