පොල්තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව සඳහා මෙම සතිය තුළ පිළිතුරක් ලබා දෙන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
වෙළෙඳපොළ භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහළ යෑම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ යෑමේ ගැටලුව සම්බන්ධයෙන් ආනයනකරුවන් සමඟ සාකච්ඡා කළා.
පොල්තෙල් ආනයනය කරන ක්‍රම 02ක් තිබෙනවා. එකක් තමයි සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කළ පොල්තෙල් මෙරටට ගෙන ඒම. එහෙම නැත්නම් රූඩ් ඔයිල් මෙරටට ගෙනැවිත් නිෂ්පාදනය කර විකිණීම. නමුත් රූඩ් ඔයිල් සඳහා අනුගමනය කරන ප්‍රතිපත්තියේ යම් වරදක් තිබෙනවා. රූඩ් ඔයිල් පිරිපහදු කිරීමේ කර්මාන්තශාලා 04න් 01යි වැඩ කරන්නේ. එම නිෂ්පාදන වැඩපිළිවෙළ අද නැවතිලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කළ පොල්තෙල් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන්ද නැව්වල ප්‍රශ්නයක් මතුවෙලා.
මේ රටේ ආර්ථික අර්බුදය a වැඩිම පීඩනයට පත් වුණේ පාරිභෝගිකයා. ආර්ථික අර්බුදය පටන් ගත් වෙලේ බලශක්ති අර්බුදයක් මෙරට තිබුණා. අවශ්‍ය බෙහෙත් නොමැති වීම නිසා සෞඛ්‍ය පද්ධතිය කඩාවැටුණා. ආණ්ඩුව ගෙන ගිය පොහොර ප්‍රතිපත්තිය නිසා නිෂ්පාදනය කඩාවැටීම තුළ අවශ්‍ය නිෂ්පාදන සීමා කිරීම සහ ආනයනික භාණ්ඩ සීමා කිරීම නිසා විශාල වශයෙන් භාණ්ඩ මිල ඉහළ ගියා. එම නිසා ආහාර උද්ධමනය 94% දක්වා ඉහළ ගියා. නමුත් අද වෙද්දී ඒ තත්ත්වය පාලනය කරගෙන තිබෙනවා. පසුගිය කාලයේදී ව්‍යාපාරිකයන්ට තිබූ ගැටලුවලට විසඳුම් වශයෙන් ඔවුන් කළේ භාණ්ඩ මිල වැඩි කිරීම. එම නිසා මේ වන විට භාණ්ඩ මිල පිළිබඳව ආණ්ඩුව විශේෂ අවධානය යොමු කර තිබෙනවා.