පදිංචි සහතිකයක් ලබාදීම වෙනුවෙන් රුපියල් 40000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් වෙලවීදිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරීවරයා මෝදර මහල් නිවාස සංකීර්ණයක පිහිටිග්රාම නිලධාරී කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
කොළඹ 15 පදිංචි පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරුගේ උප්පැන්නේ සහතිකයේ සඳහන් වී ඇති නම වෙනස් කිරීමට අවශ්‍ය අනුමාන සහතිකය ලබාදීමට හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ පැමිණිලිකරුට නිවාසයක් ලබා ගැනීමට පැමිණිලිකරුගේ අයදුම් පත්‍රයේ නිර්දේශ කර වසමේ පදිංචි බවට සහතිකයක් ලබා දීම වෙනුවෙන් එකී මුදල ඉල්ලා ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.