හද සසල කරමින් වාසූලගේ නිසල දේහය සූජීවාගේ දරුවන්ට

nayana wasula

අතුරිගිරිය ප්‍රදේශයේ 08 වන දින සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්විය.

එසේ ජීවිතක්ෂයට පත් වූ නයන වාසුල විජේසූරිය නම් පුද්ගලයා අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි අයෙකි.

ඔහු ගායන ශිල්පිනී කේ. සුජීවා සමග මෙම අවස්ථාවට පැමිණ තිබූණි.

කෙසේ වෙතත් නයන වාසුලගේ දේහය අධිකරණ නියෝගයක් පරිදි ගායන ශිල්පිනී කේ. සුජීවාට භාර දී තිබේ.

මෙම වෙඩි තැබිමෙන් තුවාල ලැබු කේ. සුජීවා කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිසා ඇගේ දියණියන් දෙදෙනා විසින් දේහය භාරගෙන තිබෙන බවට වාර්තාවේ.

නයන වාසුල සහ කේ. සුජීවා 2021 වසරේ විවාහා වී තිබෙන බවට පැවසේ.

නයන වාසුල නැමැත්තා කලකට ඉහත දී පැවිදි ජීවිතයක් ගත කරමින් දෙස් විදෙස් බෞද්ධ ජනතාව තුල සම්බුදු දහම කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් ඇති කල ගම්පහ මහානාම හිමි නමින් සිටිමින්, පසුව ගිහි ජීවිතයට පත්විය. ඔහුගේ දේහය මාලඹේ බස් නැවතුම්පල අසල චන්ද්‍ර පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද(10) සවස 4.00ට අවසන් කටයුතු සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *