පොලිස් කාන්තාවක දියනාමින් සිටියදී ඇයට හොරෙන් එය වීඩියෝ ගත කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ළිදුල පොලිසිය පවසනවා.
මෙම සිද්ධිය පසුගිය දෙසැම්බර් මාසයේ සිදුවී ඇත.
සිද්ධිය පිළිබඳව මාස කීපයක් තිස්සේ කළ විමර්ශනවලින් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි ව ඇති අතර මොහුගේ සේවය අත්හිටුවා තිබේ.