පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම සඳහන් කරමින් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ධර්මචක්රය සහිත නිල් පැහැ පොලිස් අත් ලාංඡනය, රබර් මුද්‍රාව හා පොලිස් නිල ලාංඡනය සහිත කහ පැහැ පසුබිමේ, ‘Central office for the fight against crime related to information and communication technology, convacation සම්මන්ත්‍රණය ජූලි 01’ ලෙස දක්වමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම ව්‍යාජ ලිපිය ලියා ඇත.
ශ්‍රී ලංකා පොලිසිය හෝ ඊට අනුබද්ධ ආයතන මඟින් මෙවැනි ලිපියක් නිකුත් කර නැති අතර ඊට නොරැවටෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම ව්‍යාජ ලිපිය අන්තර්ජාලයට යොමු කළ පුද්ගලයන් සම්බන්ධව හෙළි කරගෙන වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.