ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති ලෝක සිංහ සමාජ උත්සවයකදී 2024/25 වර්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකාවට පත් කළ නව සිංහාධිපතිවරුන් 6 දෙනා පත්වීම් ලබා දිවුරුම් දීමෙන් අනතුරුව පෙරේදා (01) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මේ උත්සවය ලෝක සිංහ සමාජයේ සිංහාධිපති පැට්‍රීෂියො ඔලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබූ අතර ඒ සඳහා ලෝකයේ රටවල් 206ක් නියෝජනය කරමින් නව සිංහාධිපතිවරු පැමිණ සිටියහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් දිස්ත්‍රික් 306 ඒ 1 සිංහාධිපති ලෙස ප්‍රියංග පුපුලෙවත්ත, 306 ඒ 2 සිංහාධිපති ප්‍රසාද් පුෂ්පකුමාර ගමගේ, 306 බී 1 සිංහාධිපති රජිත රැද්‍රිගු, 306 බී 2 සිංහාධිපති විරාජ් වික්‍රමසිංහ, 306 සී 1 සිංහාධිපති සමන් ජිනදාස සහ 306 සී 2 සිංහාධිපති රංජිත් ප්‍රනාන්දු මහත්වරුන් නව පත්වීම් ලබා දිවුරුම් දීමෙන් අනතුරුව මෙසේ පැමිණ සිටියහ.
ඔවුන් පෙරේදා (01) අලුයම 3.30ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මේ නව සිංහාධිපතිවරුන් පිළිගැනීමට ශ්‍රී ලංකාවේ සිංහ සමාජවල සාමාජිකයන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.