D.G ත් R ට
මෙවර ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) තීරණය කළේය.
මෙවර ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) තීරණය කළේය.
මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණ කරනු ලැබුවේ රට ගැන සිතමින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.
මේ තීරණය ගැනීමේදී පක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ පැය හතරකට වැඩි කාලයක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් පක්ෂයේ අනන්‍යතාව රැක ගනිමින් ජනාධිපතිවරයාට සහාය දීමට සියලුදෙනා එකඟතාවට පැමිණි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය මන්ත්‍රීවරුට ඕනෑම ගිනිඅවියක් ගතහැකි ආකාරයට ගිනිඅවි බලපත්‍ර ද දී ඇති බවත් බාර් පර්මිට් 1200 කට වැඩි සංඛ්‍යාවක් දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (1) පැවසීය.
වියළි කළාපයට අයත් මොණරාගල, අම්පාර හා බදුල්ල වැනි ප්‍රදේශ වල අක්කර 100,000ක රබර් වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය
ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ජාතික සංවර්ධන පෙරමුණේ පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාරණායක මහතා ද ඊයේ (31) ඇප මුදල් තැන්පත් කර ඇත. ඒ අනුව ඊයේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති මුළු අපේක්ෂකයන් ගණන 6ක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහ ඒ මහතාගේ බිරිය වන කල්හාරි සුබෝදා අධිකාරි මහත්මියත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරගම ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළ ගිහාන් පෙරේරා මහතාත් ලබා ගත්හ.
රනිල්ට සහාය නොදැක්වීමට පොහොට්ටුව ගත් තීන්දුව පුද්ගලික, ආත්මාර්ථකාමී, වීනාශකාරී තීන්දුවක් බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ සත්‍යය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයකු, ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක්, යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.