සීත මෝසම් ගර්ජනාවෙන්චංචලයි රට දැන් නම්,තද සුලගක් ,රළු මුහුදක්
ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ.
ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.
මත්පැන් නිෂ්පාදන ආයතන 39 ක් රුපියල් කෝටි 725 ක පමණ බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
රුපියල් 500 ව්‍යාජ නෝට්ටු හයක් සන්තකයේ තබාගෙන තඹුත්තේගම බස් නැවතුම්පොළ රැඳී සිටි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය පවසයි. ෙමෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොචියාගම උඩුනුවර ජනපදයේ පදිංචි (17) හැවිරිදි සිසුවෙකි.
පදිංචි සහතිකයක් ලබා නොදීමට කාන්තාවකගෙන් රුපියල් 25000 ක අල්ලස් මුදලක් ලබාගත් ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත හිරැස්ස ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව කොළඹ නගර සභාවේ අධ්යක්ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.
කුරුණෑගල ප්‍රදේශයට ඊයේ (24) රාත්‍රී හමා ගිය තද සුළඟ හේතුවෙන් නිවාස 40 කට පමණ හානි සිදු වී තිබෙයි.
එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තයේ පිහිටි සිය වතුයායේදී අශ්වයකුගේ පහරක් වැදීමෙන් සුළු තුවාල ලැබූ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාළිගාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අපරාධවලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් වී ඇති අතර නව නීතිය අනුව අධිකරණ තීන්දුවක් නැතිව වුවත් එවැනි වත්කම් පවරා ගත හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පැවැසීය.
ගෝනා පීනුවල ප්‍රදේශයේ නිවසක තනිව විසූ කාන්තාවක ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගෝනා පීනුවල පොලිසිය පවසයි.