නන්නත්තාර වෙන්න යන නමවෙනිදා.
වැටුප රුපියල් 20,000කින් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් අනිද්දා සහ 9 වනදා, ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
වැටුප රුපියල් 20,000කින් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් අනිද්දා සහ 9 වනදා, ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුලු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි කතරගම පොලිසිය පැවසීය .
පක්ෂ බෙදා වෙන්කර අතීතයේදී මැතිවරණ ජයග්‍රහණය කළත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පොලිස් කාන්තාවක දියනාමින් සිටියදී ඇයට හොරෙන් එය වීඩියෝ ගත කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ළිදුල පොලිසිය පවසනවා.
ගන්දර ධීවර වරායේ වැඩකටයුතු මේ වසරේ අවසන් කර ධීවරයන්ට අවශ්‍ය පහසුකම් සලසන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.
නැඟෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මොරිටානියා මුහුදු සීමාවට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයේදී අනවසර සංක්‍රමණිකයන්ගේ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 89 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකතනයෙන් වීඩියෝගත කළ 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ගාල්ලේදී අද ප්‍රකාශයට පත් කළේය.