පේරූ රටේ ඛේදවාචකය.
පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් 23 දෙනෙකු මියගිය බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 14 කි.
පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් 23 දෙනෙකු මියගිය බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 14 කි.
සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි. මෙම ලෙන සොයා ගැනීම, වැදගත් වෙන්නේ, අනාගතයේ දිනෙක, සඳේ ගගනගාමීන් පදිංචි කරද්දී, සඳ මතුපිටට වඩා සඳ අභ්‍යන්තරයේ ස්ථිර ජනාවාස පිහිටුවීමට මෙම ලෙන යොදා ගැනීමට හැකිවේවි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන බැවිනි.
අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ නිවෙසකදී අවුරුදු 6ක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන මව ඇතුළු කාන්තාවන් 4 දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හෙබවු ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නැමැත්තාහට ගල්කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
කොමරොස් රාජ්‍යයේ ධජය සහිත තෙල් නෞකාවක් ඕමානයේ ඩුක්ම් වරායට ඔබ්බෙන් පෙරලී ගොස් තිබේ.
මෙරට වතු ආශ්රිත පාසල් පිහිටා ඇති ඉඩම් වල අයිතිය එම පාසල්වලටම පවරාදීමේ වැඩපිළිවෙල පිළිබඳ මලයියාග වැවිලි ප්‍රජාවේ විකාශය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි. ඒ එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (10) රැස්වූ අවස්ථාවේදීය.
නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුවන්වැල්ල පොලිස් වසමට අයත් කිරිපෝරුව වත්තෙහි ළිඳකට වැටීමෙන් වයස අවුරුදු 5 ක පමණ ගැහැණු දරුවෙකු මියගොස් ඇති බව රුවන්වැල්ල පොලීසිය පවසයි.
ලෝක ධනවතුන් අතර 11 වැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ ලොකුම ධනවතා මුකේෂ් අම්බානිගේ බාල පුතු අනන්ට් අම්බානිගේ තුන්දින නිල විවාහ උත්සවය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 320ක් (ඉන්දීය රුපියල් කෝටි 2673ක් සහ ශ්‍රී ලංකා රුපියල් කෝටි 9682ක්) වැය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ක්‍රීඩා, යෞවන කටයුතු සහ සංචාර, ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාසල් රග්බි ක්‍රීඩකයින් සදහා රක්ෂණාවරණයක් ලබා දීම සිදු විය.