ගැමි හුස්මකට වාරුවක් වෙන නූතන යතිවරයානෝ.
තම ගමේ දායකයන්ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා වැවක් හදන්නට පෙරමුණ ගත් නූතනයේ යතිවරයාන වහන්සේ නමක ගලෙන්බිදුණුවැව අලියාවැටුණුවැව පලුගොල්ලාගම ප්‍රදේශයෙන් අපට හමු විය.
තම ගමේ දායකයන්ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා වැවක් හදන්නට පෙරමුණ ගත් නූතනයේ යතිවරයාන වහන්සේ නමක ගලෙන්බිදුණුවැව අලියාවැටුණුවැව පලුගොල්ලාගම ප්‍රදේශයෙන් අපට හමු විය.
වන්දනා නඩයක් ගමන්ගත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් 07 දෙනෙකු තුවාල ලබා ඇතැයි කඩුගන්නාව පොලීසිය පවසයි.
බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය ආරංචි මාර්ග සදහන් කරයි.
සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන කාන්තාවක් හා පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
හික්කඩුව, වැල්ලවත්ත, තොටගමුව පාළම අසල මුහුදු තිරයේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙකු දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකු බේරාගෙන ඇති බවත් එක් පාසල් සිසුවකු අතුරුදන් වි ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.
බංගලාදේශයේ මේ වනවිට සිදුවන ශිෂ්‍ය මර්දනයට විරෝධය පල කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට ඊයේ (19) සවස විරෝධතා වැඩසටහනක් සිදු කරන ලදි.
මේ වනවිට වසර දෙකක් පුරා ඇදීයන යුක්රේන-රුසියානු යුද්ධය අවසන් කිරීම සඳහා යුක්රේන ජනාධිපති Volodymyr Zelensky විසින් කැමැත්ත පල කර ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. යුක්රේනයේ මෙම යෝජනාව පිළිබඳව රුසියාවේ අවිශ්වාසය පල වී ඇති අතර මිට පෙර ස්විස්ටර්ලන්තයේ පැවැත් වූ සාම සාකච්චා සඳහා රුසියාවට ආරාධනා නොකිරීම නිසා චීනයද එයට සහභාගී වීම ප්‍රතික්‍ෂේප කර තිබිණි. කෙසේ වෙතත් දෙරට අතර යම් එකඟතාවයක් ඇති කර ගැනීමට යුරෝපා සංගමයේ නව සභාපති දූරයට පත්වී ඇති හංගේරියානු අගමැති වික්ටර් ඔර්බන් පසුගිය සතියේ මොස්කව් හි සංචාරය කරමින් සිදු කල උත්සාහය යුරෝපා කොමිසමේ සභාපතිනිය හා අනෙකුත් සාමාජික රටවල් තරයේ හෙලා දැක ඇත.
11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙක් ගැන මේ අසන්නට ලැබෙන්නේ ඒ තරම් හොඳ ආරංචියක් නෙවෙයි..
තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායෙන් මේ කතාව ඇසුණා..
එම වතුයායේ ලුසා කොටසේ පදිංචි පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු ඉකුත් (14) දින සිට අතුරුදන් ව ඇති බවට එම ළමුන්ගේ දෙමව්පියන් විසින් තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා…
රට විශාල පරිහානියකට පත්ව සිටි අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය තම දෑතට ගත් වත්මන් ජනාධිපතිවරයා මෙවර පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර පොදු පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එතුමාට සහාය දීමට සූදානම්ව සිටින්නේ යැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කිරිඳිවැල, හේනේගම, ඌරුවල මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී පැවසීය.