1700 ගැසට් එක කුණු බක්කියට
වතු කම්කරුවෙකුගේ (තේ සහ රබර්) දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.
වතු කම්කරුවෙකුගේ (තේ සහ රබර්) දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම දූරියන් ආදර්ශ වගා කලාපය වලස්මුල්ල හදුගල ඇතුළු ගම්මාන හතරක් කේන්ද්‍ර කර ගනිමින් ඇරැඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.
COVID – 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයැදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
COVID-19 හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශ වල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මිය ගිය තැනැත්තන්ගේ මෘතදේහ බැහැර කිරීමේ ක්‍රමවේදය ලෙස ආදාහනය නිර්දේශ කරනු ලැබ තිබුණි.
බලයට ආවොත් පිපිරීම ගැන මුල අග සොයන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගොස් පැවසූ බවත් මේ පිපිරීම් ගැන මුල මැද අග කොහොමත් දන්නේ අනුර කුමාර බවත් පුපුරන කල්ලි සිටියේ අනුර කුමාර ළඟ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ඇප මත මුදා හැරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ජනමාධ්‍ය අමතමින් ඊයේ (22) පැවැසූහ.
පසුගිය කාලයේදී මේ රටේ මිනිසුන් දුක් විඳින අන්දම පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් රටට ඩොලර් එවන්නට එපා යැයි ජවිපෙ නායකයන් ප්‍රකාශ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (SAPP ව්‍යාපෘතිය) යටතේ කෘෂි ව්‍යවසායකයන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ වැඩසටහනක් අඟුණකොළපැලැස්සේදී පෙරේදා (21) පැවැති අවස්ථාවේදීය.
රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාවත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි එක්සත් මහජන පක්ෂයේ නායක, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නුවරඑළිය නගර ශාලාවේ පෙරේදා (21) පැවති එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවේදී අදහස් දක්වමිනි.
මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ හෝටලයක් පවත්වාගෙන යමින් තේ කෝප්පවලට දමා ඉතා රහසිගතව කසිප්පු අලෙවි කළ ව්‍යාපාරිකයකු සහ හෝටල් සේවකයකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. හෝටලයේ තේ හදන ස්ථානය අසල රටබීම බෝතල්වලට කසිප්පු පුරවා තබාගෙන ගැනුම්කරුවන් පැමිණි විට අඬු කෝප්පවලට දමා ඒවා අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මෙම හෝටලය පෙරවරු 5.00 ට විවෘත කරන බවත් එළවළු හා පලතුරු තොග ලොරිවලින් මධ්‍යම වෙළෙඳපොළේ වෙළෙඳසල් වෙත රැගෙන යන නාට්ටාමිවරුන් මෙම ස්ථානයෙන් කසිප්පු පානය කිරීමට හුරුවී තිබෙන බවත් පොලිසිය පවසයි.
කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 33 ක් පමණ වන පුද්ගලයෙක් බව මේ වන විට අනාවරණය වී තිබෙයි.
ලබන සිකුරාදාට (26) පෙර ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
නාමයෝජනා කැඳවන දිනය සහ මැතිවරණය පැවැත්වෙන් දිනය එදිනට ප්‍රකාශ කිරිමට නියමිතය.
මේ වනවිට ජපානයේ සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති TSUGE Yoshifumi අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද (22) දින පස්වරුවේ සිදු විය.