Kadirawelu

වාඩිවෙන්නත් කලින් කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතාට කෙනෙහිලිකම්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයත් සමග හිස් වූ අසුන වෙනුවෙන් එම පුරප්පාඩුවට මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කරනු ලැබීය .

Read More
Thambugala

තාඹුගලටත් මරන තර්ජන

රහස් පොලිසියට එරෙහිව පැය දහයක රහස් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයා හමුවේ ලබා දුන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරුට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම ලබන 10 දින සිදුකරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (03) දන්වා සිටියාය.

Read More
Suspicious

පහලොස් වසක් ජීවත් වූ සිසුවා හා සිසුවිය වසක් විසක් සිරුරට ඇතුල් වී ඇදවැටුනා යැයි අවිශ්වාසයක්.

කොළඹ කුරුඳුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ 15 හැවිරිදි සිසුවා සහ සිසුවිය කොම්පඤ්ඤවීදියේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලින් බිමට වැටී මිය යෑමට පෙර එම ගොඩනැඟිල්ලෙහි පස් වැනි මහලේ ඇති කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් සිය පාසල් ඇඳුම් ගලවා වෙනත් ඇඳුම් ඇඳ ඉහළ මහලට ගොස් මෙම අනතුරට මුහුණදී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

Read More
sl police

පොලිසිය වාගේම හොර ලියුං ලියලා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම සඳහන් කරමින් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More
Murder

අමුවෙන්ම අහවල් තැන කැපූ වෛද්‍යවරිය

විවාහ වීමට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍රිය කපා ඔහුට පහරදුන් වෛද්‍යවරියක් බිහාර් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Read More
The leap of a Renaissance period cannot be stopped by stone roots.

පුනරුද යුගයක පිම්ම ගල් මුල් මඬ වලින් වලක්වන්න බෑ.

ගල් මුල් හෝ මඩ ගසා මාලිමාව වැට්ට විය නොහැකි බව සතුරන්ට අවධාරණය කරන්නේය යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී…

Read More
Piumi Hansamali

මම පෝසත් උනේ තිස්පන්දාහේ ආලේපන විසිපන්දාහකට විකුණලා .පියුමි මාධ්‍ය වේදීයාට දුන්න සැර උත්තරේ

නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ උසස් පොලිස් නිල­ධා­රි­යකු පැව­සුවේ පියුමි හංස­මාලි මහ­ත්මි­ය­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට පෙර දින­යක ඇයට කැඳ­වී­මක් කළද නොපැ­මිණි බවය. ඒ වෙනු­වට ඇය ඊයේ පැමි­ණෙන බව දැනුම් දී තිබුණු බව ද එම නිල­ධා­රියා කීය. ඇය පැමි­ණෙන බව දැනුම් දුන්නද එය පිළි­ගෙන ඇයට මෙදින පැමි­ණෙන ලෙස නීති විරෝධි වත්කම් විම­ර්ශන අංශය විසින් නැවත දැනු­ම්දී­මක් කර නොති­බිය දී ඇය පැමිණි බැවින් ප්‍රකාශ සට­හ­න්කර ගැනී­මක් සිදු නොවූ බව ද එම නිල­ධා­රියා පැවැ­සීය.

Read More
Escape

ඔලබොඩුවේ සුපිරි බඩු දෙකක්

තුල්හි­රිය අධි­ක­රණ භූමියේ දී බන්ධ­නා­ගාර නිල­ධා­රී­න්ගෙන් මිදී පැන ගිය රැඳ­වි­යන් දෙදෙ­නකු යතු­රු­පැ­දි­යක් සොරා­ගෙන අත් මාංචු­පි­ටින්ම කිලෝ­මී­ටර් 65ක් දුරක් පද­වා­ගෙන පැමිණ මොර­ග­හ­හේන ඔල­බො­ඩුව නිව­සක වෙස්ව­ලා­ගෙන සැඟව සිටි­යදී එක් රැඳ­වි­යකු ඊයේ (1) අත්අ­ඩං­ගු­වට ගත් බව මොර­ග­හ­හේන පොලි­සිය කියයි.

Read More