මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි,කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි.
මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අමෙරිකාවට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ (19) උදෑසන යළි මෙරටට පැමිණියේය. වෙනදාට කටුනායක ගුන්තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊයේ මුදල් ගෙවා පහසුකම් සලසාගත යුතු ‘සිල්ක් රූට්’ පර්යන්තය ඔස්සේ පිටතට පැමිණීම විශේෂත්වයකි. ‘සිල්ක් රූට්’ පර්යන්තයේ පහසුකම ලබා ගැනීමට එක් මගියකුගෙන් අමෙරිකානු ඩොලර් 50ක් (රුපියල් 15221.33) අය කරන අතර, එම ගාස්තුව ගෙවා ශ්‍රී ලංකා පිල ‘සිල්ක් රූට්’ පර්යන්තයේ පහසුකම් ලබා ගත් බව කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරියා ප්‍රකාශ කළේය.
විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත අරමුදල් සතයක්වත් ලැබී නැතත් සමහරුන්ට මිලියන සීයක්, දෙසීයක් බැගින් බෙදා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී අද(19)පැවසීය.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාර දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අව භාවිතයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මහනුවර – යාපනය ඒ 9 මාර්ගයේ දී එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බර පතල බව මිහින්තලේ පොලිසිය පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෙනුමට සමාන පුද්ගලයෙකු ඉන්දියාවේ ගුජරාට් හි පූරි අලෙවිසැලක සේවය කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් පිළිබඳව මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සුපිරි 8 වටයෙන් හැලී යෑමත් සමඟ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ තනතුර ද අහිමිවී යයි.
ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කළ මහා පරිමාණ මුදල් ඉපැයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පිළියන්දල පොලිසිය පවසයි.
මෙවර හජ් වන්දනා සමයේදී ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.